අදවන විට ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධකිය බවට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් (Android) මෙහෙයුම් පද්ධතිය පත්වී ඇත්තේ අනෙක් ප්‍රබල මෙහෙයුම් පද්ධති වන වින්ඩොස්(Windows) හා අයි ඕ(IOS) එස් පරයාය. ලෝකප්‍රසිද්ධ තාක්ෂණ වෙළද සමීක්ෂණ ආයතනයක් වන ගාට්නර් ආයතනය විසින් පසුගිය 2015 මැයි මාසයේ පළ කල වාර්තාවලට අනුව අද ලොව වැඩියෙන්ම භාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් ය. ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එය 78.9%කි. ඇපල් සමාගමේ අයි ඕ එස් 17.9% ක් වන විට වින්ඩොස්හි භාවිතය 2.5%කි. ඇන්ඩ්‍රොයිඩ් හි මෙම ජනප්‍රියතාවයට ප්‍රධාන වශයෙන් එය අංග සම්පූර්ණ මොබයිල් මෙහෙයුම් පද්ධකියක් වීමත්, ඕනෑම ජංගම උපාංගයකටම ගැලපෙන මෘදුකාංග සියල්ල අට්ටියක් සේ ඉදිරිපත් කිරීමත් බලපා ඇත. මෙලෙස ජනප්‍රියත්වයට පත් ලොව අංක එකේ මොබයිල් මෙහෙයුම් පද්ධකියේ ඉතිහාසය පිළිබදව මෙම ලිපියෙන් ඔබ වෙත කරුණු ගෙන එන්නෙමු
ඉතිහාසය
වර්ෂ 2001දී, ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන නිර්මාණය කිරීම ආරම්භ කෙරිණි. ඇමරිකානු ජාතිකයන් වන ඇන්ඩි රූබින්, රීච් මයිනර්, ක්‍රිස් සහ නික් පියර්ස් යන පරිගණක වැඩසටහන් සකසන්නෝ මෙහි මූලාරම්භය ගත්හ. පාවිච්චි කරන්නාගේ ඕනෑ එපාකම් හොදින්ම සපුරන්නට හැකි පරිගණක වැඩසටහනක් සැකසීම මෙම පිරිසේ අරමුණ විය. එම අරමුණ සපුරාලනු වස්, 2003දී ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේෂන් සමාගම පිහිටුවීය. එහෙත් එය සාර්ථක නොවීය. ආදායමක් උපයා ගැනීමට නොහැකි වීම නිසා සමාගම බංකොලොත්භාවයට පත්වෙමින් පවතින විට, 2005 අගෝස්තුවේදී ගූගල් සමාගම විසින් ඇන්ඩි රූබින් ඇතුළු සේවක පිරිසද සමගින් මිළදී ගන්නා ලදි. මෙම ගනුදෙනුවෙන් පසුව මොබයිල් උපාංග සදහා නව පන්නයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම ඇරඹිණි. ඒ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් (Google Android) යන නමිනි. ඇන්ඩි රූබින්ගේ මූලිකත්වයෙන්, ගූගල් සමාගමේ සේවකයන්ද එක්ව මෙම නව මෙහෙයුම් පද්ධතිය සකසා නිම කරන ලද්දේ 2007 වසරේදී ය.
Code name | Version number | Initial release date | API level |
---|---|---|---|
1.0 | September 23, 2008 | 1 | |
1.1 | February 9, 2009 | 2 | |
Cupcake | 1.5 | April 27, 2009 | 3 |
Donut | 1.6 | September 15, 2009 | 4 |
Eclair | 2.0–2.1 | October 26, 2009 | 5–7 |
Froyo | 2.2–2.2.3 | May 20, 2010 | 8 |
Gingerbread | 2.3–2.3.7 | December 6, 2010 | 9–10 |
Honeycomb[a] | 3.0–3.2.6 | February 22, 2011 | 11–13 |
Ice Cream Sandwich | 4.0–4.0.4 | October 18, 2011 | 14–15 |
Jelly Bean | 4.1–4.3.1 | July 9, 2012 | 16–18 |
KitKat | 4.4–4.4.4, 4.4W–4.4W.2 | October 31, 2013 | 19–20 |
Lollipop | 5.0–5.1.1 | November 12, 2014 | 21–22 |
Marshmallow | 6.0–6.0.1 | October 5, 2015 | 23 |
N | Developer Preview 3 |